Powered By Blogger

Sunday, February 3, 2013

1) ශ්‍රී ලංකා වත සුදු ශාරිකාවා. (Sri Lanka White - faced Starling)

මෙයා ලොවෙන්ම ලංකාවට පමණක් සිමා උන කුරුල්ලෙක්.බලන්නකෝ පෙනුම! හුගක් වෙලාවට මෙයාල දකින්න පුළුවන් වෙන්නේ ඉහලම තුරු වියනේ.කලාතුරකින් පහතට එනවා.බිත්තර 2ක් දමයි.

2) බමුණු ශාරිකාවා.(Brahminy Starling)
...

හරියට මෙයා නම් මයිනෙක් වගේ.හිස මත සිළුවක් දැකිය හැක.එහෙත් වඩා සිහින් ගත.පැටවුන් ලා පාටයි.කුඩා රැල ලෙසින් දකින්න පුළුවන්.බිත්තර 3-5ක් දමයි.

3) රෝස ශාරිකාවා.(Rosy Starling)

ඉතා දුලබයි,නිහැරියෙක්.පහතරට පැතිරෙයි.කැලෑවල එලි පෙදෙස් තුල ගැවසේ.හිස මත සිළුව බොහෝ විට නොපැහැදිලිය.නිහැරි රටාව කිසිදු එක අයුරක් නැත.සමහර වසරවල බොහෝ ගණනකින් දක්නට ලැබෙන අතරනිතර දකින්නේ කුරුල්ලන් කීප දෙනෙකි
මේ ඉන්නේ කව්ද? එයාව ඔයාල කොහේදී හරි දැකල තියෙනවද බලන්නකෝ.ඉස්සරහට ටෙස්ට් එකක් කරමු.බලමු කට්ටියට මන් කියල දීපු කුරුල්ලන්ව මතකද කියල.

ශ්‍රී ලංකා වන රැවියා (Sri Lanka Bush Warbler)

මෙය ලොවෙන්ම මෙරටට පමණක් සීමා වූ කුරුල්ලෙක්.ඔයාල නිතරම මෙයාගේ රූපේ නම් දකිනවා,මතක් කලොත් මතක් වෙයි ඒ කොහෙද කියල.යුවලක් ලෙසින් නොඋස් පැදුරුවල ආහාර සොයමින් සැරිසැරීම සිරිතක්.මීයෙකුගේ වැනි හදකින් මොවුන් අතර සබැඳියාව පවත්වා ගනී.බොහෝ විට කුරුල්ලා සිටින බව සොයා ගත හැක්කේ මේ නාදයෙනි.කඳුකරයේ බුදින රැල සමඟ මොහු යටිගොන්නේ ගමන් කරයි.කඳු රටේ පැතිරේ.සුවදි සාමය පෙබරවාරි සිට මැයි දක්වාද දෙවැනි වරට සැප්තම්බෙර් ද වේ.
1)වත රතු මල් කොහා ලෝකෙන්ම ලංකාවෙ විතරයි ඉන්නවා කියන්නෙ.ඒත් දකුණු ඉන්දියාවෙ දැකපු වාර්තා තියෙනවලු.

2) වත නිල් මල් කොහා
මෙයා පරපුටුවෙක් නෙවෙයි.කූඩුව තමන්ම හදා ගන්නවා.බිත්තර දාන්න නියමිත කාලයක් මෙයාට නෑ.

...
3)පතන් මල් කොහා
පතන් ඇටි කුකුලා කියලත් කියනවා.හැසිරීම ඇටි කුකුලාට සමානලු.

4)කොවුලා
කෝකිල කුලයේ මෙරට සුපතලම කුරුල්ලාය.අවුරුදු කාලෙට " කොහෝ කොහෝ"කියල කෑගහන්නෙ මෙයා තමයි.ගැහැනු සතා දුඹුරු-සුදු ගෝමර සහිතයි.

5)කවුඩු කොහා
බුදින හැසිරීම් හා කවුඩකුගේ වැනි හොටයක් නොමැති නිසා මෙයා කවුඩගෙන් වෙනස් වෙනවා.

6)උකුසු කොහා
මෙයාගෙ හැසිරීම් විලාසය කොවුලාට සහ උකුස්සාට සමානයි.ලංකාවෙ මෙතෙක් බිත්තර දැමූ බව වාර්තා වී නැතත්,ඉන්දියාවේ turdoides ගණයේ දෙමළිච්චන්ගෙ කූඩුවල බිත්තර දානවලු.

7)වයිර ගුරු කොහා
මෙයත් ලංකාවෙ බිත්තර දාන බවට වාර්තා නෑලු.

8)පුංචි කෝකිලයා
කලාතුරකින් නාද කරන නිසා පොදුවේ නිහඞ කුරුල්ලෙක් ලෙස සලකනවා.

9)ඉන්දු කෝකිලයා
මෙයත් සිංහල අවුරුදු කාලෙට කෑගහනවා.ඒත් ඒ හඞ සමාන වෙන්නෙ "බොටුව කපන්" යන හඞටයි.

10)කුසලු ගුරු කොහා

11)ගෝමර කොණ්ඩ කොහා

12)තඹලපිය කොණ්ඩ කොහා
මේ අංක 1 ස්ථානයේ ඉන්න කෙනාට අපි කියන්නෙ සුදු රෙදි හොරා
කියලයි.අංක 3 ස්ථානයේ ඉන්න කෙනාට අපි කියන්නෙ සිවුරු හොරා කියලයි.ඒත් ඔයාලා දන්නවද? මේ හොරු දෙන්නම එක්කෙනෙක්!!!! මෙයාගෙ හරි නම "ආසියා රැහැන්මාරා".මේ කුරුල්ලා වයස අවුරුදු තුනෙන් පස්සෙ තමා සුදු පාට වෙන්නෙ.ඊට කලින් මෙයා දුඹුරු පාටයි.අංක 2 සහ 3 ඉන්නෙ, ගැහැනු සත්තු..දැන් දන්නවද අපි නම් දෙකකින් හැඳින්නුවෙ එක්කෙනාවමයි කියලා?
අළු හැලපෙන්දා...නිහැරි හැලපෙන්දන් අතරින් බෙහෙවින්ම සිටින කුරුල්ලය.නිහැරි කාලය අවසානයේදී සමහර විට පිල්කලඹේ පැහැය වෙනස් වූ පිරිමි සතුන් දැකිය හැකිය.
මෙය සුවැදී පිල්කල්ම්බයි.එවිට ඔවුන්ගේ උගුර පෙදෙස කළු පැහැ ගනී.අළු පාට කන් පෙදෙස පැහැදිලි සුදු ඉරකින් වෙන්වේ.ගැහැණු සතුන්ගේ උගුරේ කළු පැල්ලම වැඩෙන්නේ යන්තමිනි.වලිගය බෙහෙවින් වනමින් බිම සැරිසරා ආහාර ලබා ගනී.කලබල කළහොත් ඉවතට පියාසර කරයි.නැත්නම් මඳ දුරක් ප...
ියඹා ගොස් නැවත බිමට පහත වේ.අතු මත වහන්නේ කලාතුරකිනි.සාම කලාපයකම පැතිරේ.

වන හැලපෙන්දා...

අදුරු කලාවල පොලව මත ආහාර ගනිමින් සැරිසරන විට වලිගය වැනීම මොවුන්ගේ සිරිතයි.කලබලයක් ඇති වූ විට අන් හැලපෙන්දන් මෙන් නොව එකවරම අහසට පියාසර කර අතුවල වසයි.(අන් හලපෙන්දෝ සිරිතක් ලෙස පියාසර කර නැවත බිම වසති)

මීට අමතරව තවත් හැලපෙන්දන් තිදෙනෙකි.

1) සුදු හැලපෙන්දා

2) ගෝමර හැලපෙන්දා

3) කහ හැලපෙන්දා - මොවුන්ද උපරටාසමයන් දෙදෙනෙකි
i)අළු හිස් කහ හැලපෙන්දා
II) සයික් කහ හැලපෙන්දා

                                                                                   - Dushani Chamindika Chandrasiri

Friday, February 1, 2013

අපි ගොඩක් වෙලාවට "කොට්ටෝරුවා" කියන නම භාවිතා කරන්නේ කෑරලාටයි.ඒ වැරැද්ද පෙන්නලා දෙන්න අද මම බලාපොරොත්තු වෙනවා.බලන්න කෑරලා සහ කොට්ටෝරුවාගෙ වෙනස.

1. රත් කෑරලා
පැහැදිලි ලෙස පැහැයේ වෙනසක් ඇති උප රටා සමයන් දෙදෙනෙකි.අපි මේ දෙන්න පහත ආකාරයට හදුනා ගනිමු.
i) රතු පිට රත් කෑරලා
...
ii) රන් පිට රත් කෑරලා
දැන් අපි මේ දෙන්න ගැන වෙන් වෙන්ව කතා කරමු.

i) රතු පිට රත් කෑරලා.
මෙරටේ සුලබම කෑරලා ය. පහත රට බෙහෙවින් සුලබ වේ.එහෙත් උතුරේදී මොහුge තැන ගන්නේ අනිත් උප රටා සමයා වන රන් පිට රත් කෑරලාය.රතු පාට පිට කයකි.හිස මත කොණ්ඩයක් ඇත. යුවලක් ලෙසින් හැසිරෙ.ගස් වල පහල සිට ඉහලට ආහාර සොයමින් ගමන් කරයි.ආහාර සෙවීමේදී බෙන වලට හොටයෙන් ඉතා වේගයෙන් කෙටීමෙන් "ට්‍ රූ..." දෝංකාර නාදයක් ඇති කරයි.බෙරයක් ගැසීමට සමාන මේ කටයුත්ත "හොට බෙර වැයීමක්"ලෙස සැලකේ.ගැහැණු සතාගේ නළල හා ඉදිරි කිරුල සුදු තිත් සහිත කලුය.

ii)රන් පිට රත් කෑරලා
ඉතා පැහැදිලි රන්වන් කහපාට පිට කය.ගැහැණු සතා ගේ නළල සහ ඉදිරි කිරුල සුදු තිත් සහිත කලුය.කූඩුව සහ බිත්තර අතින් ඉහත විස්තර කල උප රටා සමයාට සමානය.

2. ලේ පිට මහා කෑරලා
තරමෙන් විසල්ය.හොට බෙර වයීමේ යෙදේ.සෑම කලාපයකම,විශේෂයෙන් තෙත් කලාපයේ පැතිරේ.

3.කහ පිට මහා කෑරලා
පහත රට පැතිරේ. දුලබයි.වියලි කලාපයේ ගිනිකොන පෙදෙසේ සහ උතුරු පෙදෙසේ බොහෝය.

4.බොර ඉසැසි ගෝමර කෑරලා.
මොවුන් හදුනා ගැනීමට අතු වල ගමන් කරන අකාරයෙන් හැකියාව ඇත.සිළුවක් නොමැත.පිරිමි සතාගේ පිටුපස පෙදෙසේ ඇති රතු ඉර,ගැහැණු සතාගේ දක්නට නොමැත.බොහෝවිට ගස්වල ඉහලම අතු වල සැරිසරයි.දිවා කාලය පැමිණීමත් සමග "ට්‍රිල් ට්‍රිල්..." යනුවෙන් නද දීමෙන් තමන් සිටින තැන පෙන්නුම් කරයි.බොහෝ විට යුවලක් ලෙසින් හැසිරෙයි.අතු මත අහාර සොයමින් සහ කොටමින් ගමන් කරයි.

5.කහ සිළු ගෝමර කෑරලා.
පිරිමි සතාගේ සිළුව රතු පට වන අතර ගැහැණු සතාගේ සිළුව කහ පාටය.යුවල ලෙසින් හැසිරීම සිරිතය.ලඳු පරිසර වල බොහෝය.ඇති වියලි පරිසරයන් ඇති උතුරු හා ගිනිකොන පෙදෙස්වල සුලබය.ඌව පළාතේ දුලබව පැතිරේ.

6.බොරත් කොඩ කෑරලා.
ගස් මත පිහිටි කොඩ කැදලි තුලට හාරා කූඩුව සාදා ගනී.කොඩ කැදලි වල කොඩයන් සිටිද්දීම මේ කටයුත්තේ නියැලීම විශේෂයි.පහත රට වියලි කලාපයේ සහ කදු රටේ පැතිරේ.ඌව පහත පෙදෙසේ බෙහෙවින් සිටි.

7.හීන් කහ ගෙලසි කොළ කෑරලා.
පිරිමි සතාගේ උඩු රැවුල් පැල්ලමක් ඇති අතර ගැහැණු සතාගේ නොමැත.යුවලක් ලෙස හැසිරෙ.සෑම කලාපයකම පැතිරේ.

8.පුංචි කාවුරු කෑරලා.
හීන් කහ ගෙලසි කොළ කෑරලා සමග පැටලිය හැක.නමුත් එට වැඩ තරමෙන් විශාල වන මේ සතාගේ ගත වඩා අළුවන් සහ වඩා නොදිලෙන අතර කහ පති නිතඹත් නිසා වෙන කර හදුනා ගත හැක