අළු හැලපෙන්දා...නිහැරි හැලපෙන්දන් අතරින් බෙහෙවින්ම සිටින කුරුල්ලය.නිහැරි කාලය අවසානයේදී සමහර විට පිල්කලඹේ පැහැය වෙනස් වූ පිරිමි සතුන් දැකිය හැකිය.
මෙය සුවැදී පිල්කල්ම්බයි.එවිට ඔවුන්ගේ උගුර පෙදෙස කළු පැහැ ගනී.අළු පාට කන් පෙදෙස පැහැදිලි සුදු ඉරකින් වෙන්වේ.ගැහැණු සතුන්ගේ උගුරේ කළු පැල්ලම වැඩෙන්නේ යන්තමිනි.වලිගය බෙහෙවින් වනමින් බිම සැරිසරා ආහාර ලබා ගනී.කලබල කළහොත් ඉවතට පියාසර කරයි.නැත්නම් මඳ දුරක් ප...ියඹා ගොස් නැවත බිමට පහත වේ.අතු මත වහන්නේ කලාතුරකිනි.සාම කලාපයකම පැතිරේ.
වන හැලපෙන්දා...
අදුරු කලාවල පොලව මත ආහාර ගනිමින් සැරිසරන විට වලිගය වැනීම මොවුන්ගේ සිරිතයි.කලබලයක් ඇති වූ විට අන් හැලපෙන්දන් මෙන් නොව එකවරම අහසට පියාසර කර අතුවල වසයි.(අන් හලපෙන්දෝ සිරිතක් ලෙස පියාසර කර නැවත බිම වසති)
මීට අමතරව තවත් හැලපෙන්දන් තිදෙනෙකි.
1) සුදු හැලපෙන්දා
2) ගෝමර හැලපෙන්දා
3) කහ හැලපෙන්දා - මොවුන්ද උපරටාසමයන් දෙදෙනෙකි
i)අළු හිස් කහ හැලපෙන්දා
II) සයික් කහ හැලපෙන්දා
- Dushani Chamindika Chandrasiri
No comments:
Post a Comment