Friday, February 1, 2013
ඇටි කුකුළා - රතු පාට ඇස්,නිල්වන් බැබලුමක් සහිත කළු පාට පිහාටු,නැමුනු කළු පාට හොටය,මෙයාව හඳුනා ගන්න උදව් වෙනවා.වගාවට හානි කරන ගොළුබෙල්ලන්ව ආහාරයට ගන්න නිසාමිනිසාට උදව් කරන කෙනෙක් ලෙසට සැලකුවත්,මෙයා කරන නරක වැඩක් නිසා මෙයා හානිකර කුරුල්ලෙක්.ඒ නරක වැඩේ තමයි,මෙයා කුරුළු කූඩු වලින් බිත්තර සහ පැටවුන් ගොදුරු කර ගන්න එක.රටේ හැම පලාතකම වගේ පැතිරෙනවා.කෑගහන්නෙ "බු...බු...බු..."කියලයි.
බට ඇටි කුකුළා -
ලෝකෙන්ම ඉන්නෙ ලංකාවෙ විතරයි.ඇටි කුකුළාට සමානයි.ඒත් හොටය කොළ පාටයි,පියාපත් වඩාත් තද රත් දුඹුරු පාටයි. කෑ ගහන්නෙ "බුඌවේ" කියලයි.එළියෙ ගැවසීමට ඇළුම් නොකරයි.පහතරට තෙත් කලාපයේ පැතිරේ -Dushani Chamindika Chandrasiri -
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment